0%
Still working...

About eTales – Sinhala

“ආයුබෝවන්!”

‘ඊටේල්ස්’ රස කතා, කවි කතා හා ගීත වෙබ් අඩවිය වන ඊටේල්ස්පබ්ලිෂින්.කොම් වෙබ් අඩවියට පිවිසෙන ඔබ සැම ‘ඊටේල්ස් පබ්ලිෂින් ඕස්ට්‍රේලියා’ විසින් දිගායු පතමින් ඉතා සාදරයෙන් පිළිගනිමි.

අනේක ගර්ජනා හා තාඩන පීඩන මැද්දේ තැලෙන පෙළෙන ලෝකයක ජීවත්වන අහිංසක දරු දැරියන් හා ඔබ සැමගේ මනැස් නව සාහිත්‍ය මඟකට අවතීර්ණ කිරීමේ පවිත්‍ර අරමුණෙන් ‘ඊටේල්ස් පබ්ලිෂින් ඕස්ට්‍රේලියා’ විසින් මෙම රස කතා, කවි කතා හා ගීත එමගින් ඔබ සැමට දායාද කරමි.

සාහිත්‍ය ලෝකයේ පළ වූ පළමු ලෝක සඟරාවන් වන ‘ලෝ වැඩ සඟරාව’, ‘සිදත් සඟරාව’ මිනිස් මනසෙහි මනුස්සකම පෝෂණය කිරීමට මහෝපකාරී විය. අපේ මිනිසුන් එදා අනෙක් අයට කතා කිරීමට තම දරු දැරියන් දිරිගැන් වූයේ ‘සුභාෂිතය’ දැන ඉගෙන ඒ අනුව කතා බහ කිරීමටය.

මානව සාහිත්‍යය යොදාගත යුත්තේ කල් මැරීමට හෝ මිනිස්කම් නැසීමට නොව ‘සිරිත් මල්දම්’ පැළඳගෙන, මානව ‘හිතෝපදේශය’ දැන ඉගෙන ‘ලෝකෝපකාරය’ කියවා ලෝකෝපකාර ප්‍රගුණ කරමින් දිවි ගෙවීමටය.

සාමකාමී මිනිස් ලොවකට මඟ පෑදීම දේශපාලකයාට වඩා ප්‍රතිභාපූර්ණ හා නිර්මාණශීලී සාහිත්‍ය කරුවාට කළ හැකි දෙයකි. එසේම එය ඔවුන්ගේ සමාජ වගකීමක් හා පරම යුතුකමකි.

එහෙයින්  ‘ඊටේල්ස් පබ්ලිෂින් ඕස්ට්‍රේලියා’ මෙම රස කතා, කවි කතා හා ගීත ඊට අනුබල දීමේ හා දායක වීමේ ඒකායන අරමුණින් එලිදක්වමි.

ක. ගී. සෝමසිරි ලංකාතිලක